ගිනි හුලකි ඉර මඩල
පෙළයි වියලුනු සුළග
ඔබෙ සුවද නැති සොවින
දඩිය තනිකම මසිත
සෙනෙහසේ සුවද ලග
ළදරියක් වූ එසද
සුලැගිල්ල වුව නිබද
රැකවරණ ගෙනෙයි මට
ලෝකයක් නොදැක්කෙමි
සබද ඔබෙ සෙවන ළග
ලොවම එක හිස් ගොඩකි
ඔබ නොමැති ඇසිල්ලක.
පුණ්‍යා කුමාරි ලොකුලියන
No comments:
Post a Comment