Pages

Friday, January 28, 2011

ගිනිගෙඩිය - සැමුවෙල් රුද්‍රිගෝ


ගිනිගෙඩිය



හාමු: ඕ .... යි ......... බල්ලා බැඳල ද?
අමාරිස් : පිස්සුද මහත්තයො ... තාම පොඩි එකානෙ .... බඳින්න මොන වයසක්ද ?
හාමු : ඕ ... යි ... නාඩගං නැතුව බල්ලා බැඳලද කියනවා.
අමාරිස් : බැඳලා ... බැඳලා ... අ... ම් ... මේ ... හ් ... මේ අපේ හාමු මහත්තයනෙ ... ඕන බල්ලෙක් පැනගෙන එනකොට බල්ලගෙ ඉස්සරහට අල්ලලා කුඩේ දිග අරින්ඩ .... බල්ලා දුවයි ගමත් අතෑරලා.
හාමු : ඒක කෙමක්ද?
අමාරිස් : නෑ ... කථා නොකර කරනවා නං වඩා හොඳයි.
හාමු : මං ආව කාරණාව දන්නවාද?
අමාරිස් : දන්නවා
හාමු : හොඳයි, කියන්ඩ බලන්ඩ
අමාරිස් : මොකක් හරි ගිනි ගෙඩියක් තමයි.
හාමු : සම්පූර්ණ ඇත්ත.... ගිනිගෙඩිය පත්තු වෙන්ඩ ඉස්සෙල්ලා දැනුම් දෙන එක අපේ යුතුකමක්. තමුසෙගෙ ඇන්ටස් බාල හාදයා ගෑනු ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවා.
අමාරිස් : ඕකද ගිනිගෙඩිය මහත්තයො .... හ: හ: හඞ .... උනුත් මනුස්සයොනෙ ... ගෑනු එක්ක කතා නොකර කාගෙ එක්ක කතා කරන්ඩද ... හොඳයි තමුසෙ උනහම කැමති නැද්ද ගෑනු උදවිය එක්ක කතා කර කර ඉන්ඩ.... මට කන්ඩ අඳින්ඩ දෙනවා නං උදේ හිටං රෑ වෙන තුරු මම ගෑනුත් එක්ක කතා කර කර ඉන්නවා... හඞ, ගෑනුන් එක්ක කතා කර කර ඉන්න තියෙනවා නං නරක් වෙලා තියෙයිනෙ මහත්තයො... අපේ කාලවල්වල ගෑනියෙක් දකින්ඩ නෑ කතා කරනවා තියා....
හාමු : ඕ... යි.... අපි තමුසෙලා කතා කරන විදිහට නෙමෙයි මෙයා කතා කරන්නෙ
අමාරිස් : මොකද .... මෙයා කතා කරන්නෙ කටින් නෙමෙයිද ?
හාමු : කටින් නැතුව වෙන කොහොමද ඕයි කතා කරන්නේ.
අමාරිස් : නෑ .... සමහර අය වෙන වෙන තැන්වලිනුත් කතා කරනවා ... තමුසෙ දැනගන්නවා මහත්තයො ඔය අපේ ඇලන් මෝනා මම මුලින්ම දැක්ක වෙලාවෙ ඇහෙන් කථා කළේ .... ඒ කියන්නෙ දවස් 21 ක් ම ඇහෙන් කතා කළේ ....
හාමු : මොකද බාරයක් ද?
අමාරිස් : බාර නෙවෙයි, කටින් කතා කරන්න බයට .... විසි දෙවෙනි දවසෙ තමයි කටින් කතා කළේ .... ඒත් වෙව්ල වෙව්ල කතා කළේ.
හාමු : ආ.... මේ ඇස් ගැහිල්ල
අමාරිස් : ඇස් ගැහිල්ල වෙනයි.... ඒක උපන් දා ඉඳලම කරන වැඩක්නෙ.... ඇස් පිහාටු දෙක ඇවිල්ලා ........ ඔය වාහනවල තියෙන වයිෆර් දෙක වගේ ... ඇහි බෝල නිතරම පිහදානවා.
හාමු : ඔය අනං මනංවලින් වැඩක් නෑ... තමුසෙ දැනගන්නවා කෙන්දෙන් කඩන්න පුළුවන් එක අන්තිමේදී කන්දෙන් කඩන්ටත් බැරුව යනවා.
අමාරිස් : මට කෙන්ද කඩන්ට ඕනෙත් නෑ, කන්ද කඩන්ට ඕනෙත් නෑ .. මම කියලා තියෙන්නෙ උඹ ඕනෑ තැනකින් ලෑස්ති කරගෙන මට කිය පං ... අපි කරලා දෙන්න.
හාමු : එහෙනං කැමතියි ?
අමාරිස් : මහත්තයො අපි කැමතිත් නෑ..... දැකලත් නෑ.... අනිත් එක මහත්තයො අපේ චාලට් ... වැඩිමල් කෙල්ල කතා කර කර ඉඳල අල්ල ගත්ත එක නරකද ?
හාමු : මං කොහොමද දන්නෙ ?
අමාරිස් : දන්නෙ නැත්තං දැනගන්නවා... මොකක්ද අර... මෙව්වා එකේ ලොක්කනෙ අල්ලං තියෙන්නෙ.
හාමු : මොකක්ද මෙව්වා එක කිව්වෙ?
අමාරිස් : අර චාමස් එකට එහායින් තියෙන්නෙ.
හාමු : තේ කඩේ?
අමාරිස් : තේ කඩේ නෙමෙයි ඕයි.... මහ කන්තෝරුව ... මගේ බෑණා මඟුල් ගෙවල්වල යන්නෙ, මාකට් යන්නෙ, ෂොපින් යන්නෙ එහෙන් දෙන කාර් එකේ තමයි .... එතකොට මද්දුම කෙල්ල කතා කර කර ඉඳලා අල්ල ගත්තු එක නරකද .. පෝරුවෙන් ... පෝරුවෙන් සල්ලි එකතු කරන්නෙ ... කරාබු ගස්ම තියෙනවා එක්දාස් දෙකක් ... මිදුලෙ දෙකත් එක්ක. එතකොට බාල කෙල්ල කතා කර කර ඉඳලා අල්ලන් තියෙන හාදයා වළල්ල නැතුව පොල් ගස් යනවා.... ඒ වාගේ අපේ ඇන්ටසුත් මොකක් හරි අල්ල ගනී... අපිට වැඩක් නෑනේ .. මම අල්ල ගත්තෙත් එහෙමයි.
හාමු : මමත් එහෙම තමයි
අමාරිස් : අනේ නිකං ඉන්නවා.. තමුසෙ කුස රජ්ජුවො වගේ දුක් වින්දා පිළිකනු ගානේ ඔය හාමිනේ ගන්ඩ.
හාමු : මම නෑ කියන්නෙ නෑ.
අමාරිස් : අනිත් එක මහත්තයෝ දැං ස්වයං සේවය.
හාමු : එතකොට පොරොන්දම් බැලිල්ල ගැන මොකද කියන්නෙ?
අමාරිස් : බැන්දට පස්සෙ බලන එකයි තියෙන්නෙ.
හාමු : එතකොට පොරොන්දම් නරක නං?
අමාරිස් : නිකං ඉන්නවා.
හාමු : හොඳ නං?
අමාරිස් : ඒත් නිකං ඉන්නවා.
හාමු : මම එන්නං ... වස මිනිහෙක් එනවා.... ළගින් ගියොත් ඇහැක් නෑ.
අමාරිස් : ආ ! පොඩ්ඩෙ... ආ ... පොඩි මහත්තයා දකින්ඩ තියෙන අමාරුව ... පෙරේදත් මං මතක් කළා... මොකද ඊයෙ ආවෙ නැත්තෙ?
පොඩි මහත්තයා : ඊයෙ මට හරි වැඩක් වුණානෙ... අපේ පවුල කිව්වා හම්බග් එකක් ගේන්ඩ කියලා .... හැම තැනම හොයල හොයලා හම් බෑග් එකක් ගත්තා... බැන්නොත් බැනපුවාවෙ කියලා.
අමාරිස් : හම්බග් කියලා ජාතියක් නෑ.... හම් බෑග් තමයි.
පොඩි මහත්තයා : සාප්පුවෙන් කිව්වොත් එහෙමයි .... ඉතිං බස් එකට නගින්ඩ හදන කොටම මේ පැත්තෙන් තද වුණා.
අමාරිස් : හොරු .... හොරු .... මේ පැත්තෙන් පුෂ් එක දාලා අර පැත්තෙන් අත දානවා.
පොඩි මහත්තයා : හොරු නෙමෙයි ඕයි.
අමාරිස් : මහත්තයෝ ... පිටකොටුව ගැන මට කියන්ඩ එපා... තල්ලුව ආවොත් එතන පොකට් ගැහිල්ලක්.
පොඩි මහත්තයා : මට පොකැට් ගහන්න හම්බ වෙන්නෙ නෑ ඕයි.
අමාරිස් : තමුසෙට මොකක්ද .... මටත් ගැහුවනෙ... හැබැයි ශත දහ හතයි තිබුණෙ.
පොඩි මහත්තයා : මට ගහන්ඩ බෑ කිව්වෙ, මට පොකැට් එකක් නෑනෙ.... මම සල්ලි දාන්නෙ කමිස අතේනෙ... මෙතන වුණේ ඇවිලිල්ල.
අමාරිස් : ඇවිලිල්ල කිව්වේ?
පොඩි මහත්තයා : මේ පැත්තෙන් ඇවිලිල්ල මෙහෙම ආවා.
අමාරිස් : ආ ..... වාතෙ ... වා ... තේ .... මහත්තයා... මොනවද ඊයෙ රෑට කෑවෙ ?
පොඩි මහත්තයා : මුං ඇට.
අමාරිස් : අහලා නැද්ද ඇම්මට මුං ඇට .... කැස්සට කොස් ඇට... උණට කුරුම්බා ... සුදු ළූනු ටිකක් තම්බලා බොන්ඩ ... උයලා කෑවත් ගුණයි.... හැබැයි පොඩ්ඩ වෙන්න කන්ඩ ඕනෙ.
පොඩි මහත්තයා : සුදු ළූනු උයලා කනවද?
අමාරිස් : අම්මපා .... මහත්තයා ප්‍රංශෙ ඉඳලද ආවෙ... ? අපේ මිනිස්සු සුදු ළූනු කන්න වෙලා කොච්චර කල්ද ...? හැබැයි සුදුළූනු පොඩි කරන්න ගත්තෙ ළඟදි.. හැබැයි මහත්තයා සුදු ළූනු වැඩි වුණොත් තොප්පිය.
පොඩි මහත්තයා : තොප්පිය කිව්වේ ?
අමාරිස් : මහත්තයට කියන්ඩ සුදු ළූනු රාත්තලක් විතර උයලා කාලා රෑ වෙනකොට හඳට ගියා ....
සැටර්න්, යුරේනස් , මර්කර් ... ඔය හැමතැනම ඇවිදලා පාන්දර හතරහමාරට විතර අපේ මිදුලට හැතැප්ම භාගයක් ඉහළින් මම පාවෙවී ඉඳලා තියෙනවා.
පොඩි මහත්තයා : ආ... කා... සේ ?
අමාරිස් : නැතුව ..... පාවෙන්නෙ කොහෙද .... අපේ පවුල බැලුවලු මිදුල කළුවර මොකද කියල .... බැලින්නම් මම උඩ ... පස්සෙ හොඳ වෙලාවට ගෙදර පෙරුංකායං තිබිලා තියෙනවා ....
එයා පෙරුංකායං ගුලියක් ඇල්ලුවා පාතින් .... ටක් ගාලා බිමට ඇදිලා ආවා.
පොඩි මහත්තයා : මට නං විශ්වාස කරන්ඩත් බෑ ... ඕක ඇත්තක්ද ?
අමාරිස් : හීනෙං ඕයි .... හීනෙං

Thursday, January 27, 2011

ජීවන සුවද

ගිනි හුලකි ඉර මඩල
පෙළයි වියලුනු සුළග

ඔබෙ සුවද නැති සොවින
දඩිය තනිකම මසිත

සෙනෙහසේ සුවද ලග
ළදරියක් වූ එසද
සුලැගිල්ල වුව නිබද
‍රැකවරණ ගෙනෙයි මට

ලෝකයක් නොදැක්කෙමි
සබද ඔබෙ සෙවන ළග
ලොවම එක හිස් ගොඩකි
ඔබ නොමැති ඇසිල්ලක.

පුණ්‍යා කුමාරි ලොකුලියන